කුණු ට්‍රැක්ටරය නිල රථය කරගත් වවුනියාව නගරාධිපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 12, 2018

කුණු ට්‍රැක්ටරය නිල රථය කරගත් වවුනියාව නගරාධිපති

වවුනියාව නගර සභා නගරාධිපති ඊ. ගෞතම් මහතා නගර සභාවේ කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමකට ඊයේ (11දා) සහභාගි වෙමින් විරෝධතාවක නිරත
විය. නගරාධිපතිවරයා වෙත

වාහනයක් නිකුත් නොකිරීමට විරෝධය පළකිරීමක් ලෙස එලෙස නගර සභා කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී ඔහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමට සහභාගි වීය.

වවුනියාව නගරාධිපතිවරයා ට්‍රැක්ටර් රථයේ පැමීණිමින් පැවසුවේ, තමන් නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්ව තිබුණද, තමන් වෙත නිකුත් කර ඇති වාහනය අලුත්වැඩියාවක් වෙනුවෙන් යොමුකර ඇති බවත්, තමන් එතෙක් තාවකාලික වාහනයක් ඉල්ලුවද, නොලැබීම හේතුවෙන් මෙලෙස ට්‍රැක්ටර් රථයේ නැගී රැස්වීමට පැමිණි බවයි.
තමන් වෙත වාහනයක් ලබාදෙන තෙක් රාජකාරී කටයුතු සඳහා ගමන් කිරීමට කසළ ට්‍රැක්ටරය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad