වෙල්ගම මහින්දටයි නුවර චන්ඩි හතර දෙනාටයි ලුණු ඇඹුල් ඇතුව කියපු කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 18, 2018

වෙල්ගම මහින්දටයි නුවර චන්ඩි හතර දෙනාටයි ලුණු ඇඹුල් ඇතුව කියපු කතාව


මහනුවරදී මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු තමන්ව විවේචනය කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතාද එම වේදිකාවේ සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.
තමන් කිසිවෙකුගේ වහලෙකු නොවන බවත් මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ජ්‍යෙෂ්ඨත්වය අනුව පවුලෙන් පිට පුද්ගලයෙකුට දිය යුතු බවත් ඔහු සදහන් කරයි.
ජනාධිපති අපේක්‍ෂකත්වය පවුලටම උරුම වූ දෙයක් නොවන බවත් එව පවුපෙන් පිට වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට දීම වඩාත් සුදුසු බවත් මන්ත‍්‍රීවරයා පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මතුගමදී පවත්වන ලද ජනහමුවක් අමතමිනි.
කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිළුම් අමුණුගම යන මන්ත‍්‍රීවරුන් විසින් එල්ල කරන ලද විවේචනයන් සම්බන්දයෙන්ද ඔහු එහිදී දැඩි ලෙස විවේචන ඉදිරිපත් කලේය.
Video -

19,664 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad