ජන බලයට එජාපෙ අයත් එනවා ජවිපෙ අයත් එනවා - ෂෙහාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 5, 2018

ජන බලයට එජාපෙ අයත් එනවා ජවිපෙ අයත් එනවා - ෂෙහාන්


ජන බලය කොළඹට විරෝධතා රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවල සහයෝගයද ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.


මෙම විරෝධතා රැළිය හරහා කිසිඳු පුද්ගලයෙකු අපහසුතාවයට පත් කිරීමේ වුවමනාවක් නොමැති බවත් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අපහසුතාවයට පත්වීම වැලැක්විය නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මුළු රටේම ජනතාව කොළඹට පැමිණ කොළඹ නොනිදන නගරයක් බවට අද පත්වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad