හිරේ ඉන්න බෑ ඥාණසාර හිමි සතියකින් යළි ජයවර්ධනපුර රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 6, 2018

හිරේ ඉන්න බෑ ඥාණසාර හිමි සතියකින් යළි ජයවර්ධනපුර රෝහලට



බොදුබල සේනා සංවිධානයේ ලේකම්,

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද(06) උදෑසනනැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා කියා සිටියේ, උන් වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙලෙස ජයවර්ධනපුර රෝහලට නැවතත් එවා ඇති බවයි.
ඥානසාර හිමිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්වීම හේතුවෙන් උන්වහන්සේට රෝහලෙන් බැහැර වීම සඳහා අගෝස්තු මස 30 වන දින පෙරවරුවේ අවසර ලබා දී තිබුණි.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගියේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් අභියාචනාධිකරණය පසුගිය 08 වනදා ඥානසාර හිමිට වසර 06කින් ගෙවී යන පරිදි වසර 19ක සිරදඬුවමක් නියම වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad