මීලඟ ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බවත් රටේ දේශපාලන සංවාද තුළ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ මීලඟ අගමැතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැතිකිරීමට අගමැතිවරයකු බලයට පත්කර ගැනීම සඳහා යැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විවිධ අදහස් පලකරන බවත් එහෙත් ඒ තීරණය කළයුත්තේ තමා බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා කෙසේවෙතත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බවද කීය.
මීළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයක් වන බවද ඒ සඳහා උදාහරණ දැක්වූ ජනපතිවරයා කියාසිටියේ පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මහ මැතිවරණයකදී ලබාගත හැකිවන්නේ ආසන 102ක් බවද ජනාධිපතිවරයා පැවසී ය.
එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් බවද, එය මේ වනවිට ලක්ෂ 20 දක්වා වැඩිකරගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව පැවසූවේ නිවිතිගල මහජන පොළ භූමියේ අද (08) පෙරවරුවේ පැවැති ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ රැස්වීම අමතමිනි.
Monday, September 10, 2018
මීලඟ අගමැතිවරයා කවුද? ජනාධිපතිවරණය ගැන මෛත්‍රීගේ තීරණයත් හෙළි කරයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment