ජන බලයට බාධා කළොත් හොඳ පාඩමක් උගන්වනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 3, 2018

ජන බලයට බාධා කළොත් හොඳ පාඩමක් උගන්වනවා


සැප්තැම්බර් 5 වැනිදා 'ජනබලය කොළඹට' ආණ්ඩුවට එරෙහිව සිදුකිරීමට නියමිත දැවැන්ත විරෝධතාව හේතුවෙන් බොහෝ දුරට කොළඹ නගරයම අක්‍රිය වීමේ ඉඩක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වීම සඳහා රට පුරාම සිටින විශාල ජනකායක් දැඩි උනන්දුවකින් සිටින බවත් ඔවුන් සියලු දෙනා කොළඹට පැමිණි පසු කොළඹ නගරය අක්‍රිය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් නානායක්කාර මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මේ නිසා සැප්තැම්බර් 5 වැනිදා කොළඹ නගරයේ කාර්යාලවල විශාල පිරිසක්ද ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සමඟ එක්වීමට සූදානමින් සිටින බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට බාධා එල්ල කිරීමට ආණ්ඩුව උත්සාහ කළොත් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වන බවත්, එය කුමක්දැයි ඒ අවස්ථාවේදී බලාගත හැකි බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
17,569 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad