මට මතක නෑ කියා ගනුදෙනුකරුවන් මගහරින පොලී කාන්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

මට මතක නෑ කියා ගනුදෙනුකරුවන් මගහරින පොලී කාන්තාවක්


ඟලුම්හලක්‌ පවත්වාගෙන යන මුවාවෙන් වැල්ලව නගරයේ ව්‍යාපාරිකයන්ට හා විවිධ තරාතිරම්වල අයගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ ණයට හා පොලියට ගෙන ප්‍රසිද්ධ දේශපාලකයකුගේ
බලය ගෙන මුදල් ගෙවීම

පැහැර හරින කතක්‌ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

ධනවත් ව්‍යාපාරිකාවක්‌ ලෙස වෙස්‌ගත් මෙම තැනැත්තිය වැල්ලව නගරයේ තරුණ ව්‍යාපාරිකයන්ගෙන් ත්‍රිරෝද රියදුරන්ගෙන් පොලියට මුදල් දෙන්නන්ගෙන් සහ රජයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයකුගෙන් ද රුපියල් මිලියන ගණන් වන ලෙස මෙම මුදල් ගෙන ඇත.

මෙම කාන්තාවට එරෙහිව පොලිසියට ගිය විට ඇය මුදල් ගත් අයට පවසනුයේ "මම මේ ගැන දන්නේ නෑ. මට මතක නෑ" යනුවෙනි. පොලිසිය මඟින් පොරොන්දු නෝට්‌ටු හා චෙක්‌පත් වංචාව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළත් කිසිදු ලිඛිත සාක්‍ෂි නොමැති නිසා මුදල් ගෙවූ අයට පාඩුව විඳදරා ගැනීමට සිදුව ඇති බවත් වංචාවට අසුවූවෝ පැවසූහ.

-අර්වින් රෝයි සිල්වා -

No comments:

Post a Comment

Post Bottom Ad