දොම්පේ පෙහොට්ටු මන්ත්‍රිගේ සූදුපොළ වටලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

දොම්පේ පෙහොට්ටු මන්ත්‍රිගේ සූදුපොළ වටලයි

දොම්පේ නගරයේ අවන්හලක ඉතාමත්ම හොර රහසේ පවත්වාගෙන යනු ලැබූ සූදුපොළක්‌ වටලා පුද්ගලයන් 17 දෙනකු දොම්පේ පොලිසිය මගින් 01 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදි.



තවද මෙහි සූදු සෙල්ලම් කිරීම සඳහා යොදා ගත් සුදු සෙල්ලම් කරන යන්ත්‍ර දෙකක්‌ ඇතුළු ඊට අදාළ භාණ්‌ඩ ද පොලිස්‌ භාරයට ගෙන ඇත.

මේ සියලු දෙනාම දොම්පේ හා ඒ අවට පෙදෙස්‌ වල පදිංචිකරුවන් වේ. එම අවන්හල පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට අයිති එකකි. මේ සියලු දෙනාම පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කර ගෙන යති.

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන

No comments:

Post a Comment

Post Bottom Ad