සයිටම් සිසුන් කොතලාවල පීඨයට දැම්මාම තවත් ලක්ෂ 13 බැගින් වාර්ෂිකව ගෙවන්නලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

සයිටම් සිසුන් කොතලාවල පීඨයට දැම්මාම තවත් ලක්ෂ 13 බැගින් වාර්ෂිකව ගෙවන්නලු

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් කොතලාවල වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කළද, එම සිසුන්ගෙන් වසරකට රුපියල් ලක්ෂ 13 බැගින් අය කිරීමට කටයුතු කරන අතර, එය තමන්
කබලෙන් ලිපට වැටුණු බවක්

වැනි යැයිද සයිටම් සිසුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් පවසයි.

සයිටම් ආයතනයේ ශිෂ්‍යත්ව පදනම මත ඉගෙනගත් සිසුන්ට මෙන්ම දැනට සයිටම් ආයතනයට මුදල් ගෙවා අවසන් කළ සිසුන්ගෙන්ද මෙලෙස රුපියල් ලක්ෂ 13 බැගින් වසරකට අය කරන බව කොතලාවල සරසවිය තමන්ට දැන්වූ බව සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව  (04)දා යොමුකළ ලිපියේ සඳහන් කර තිබිණි.

එසේම සයිටම් ආයතනයට තමන් ඇතුළත් කිරීමේදී සිය දෙමවුපියන් බැංකු ණය ලබාගනිමින් මුදල් ගෙවූ බවත්, එම ණය පවා ගෙවාගත නොහැකි තත්වයක නැවත වරක් මුදල් අය කිරීම තමන්ට දැඩි මානසික පීඩනයක් බවත් ඔවුහු පවසති.

ශීෂ්‍යත්ව මත සයිටම් ආයතනයේ ඉගෙනගත් සිසුන්ගේ ප්‍රතිඵල විශිෂ්ට මටිටමේ ඇති බවත්, ඔවුන් වසර ගණනාවක් තම අධ්‍යයන කටයුතුවල
නිරතවීමෙන් පසු ලියාපදිංචි කිරීමට නොහැකි බව පැවසීම අදහාගත නොහැකි කරුණක් බවත් ශිෂය සංගමය ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙයි.

මෙම ගැටලුව සදහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී කඩිනමින් මැදිහත් වී සිය අනාගතය සුරක්ෂිත කරන ලෙසත් ඔවුහු ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටිති.

සයිටම් ආයතනයට විශ්වවිද්‍යාල සිසුන් ප්‍රධානව වෘත්තීය සමිති ගණනාවක් විරෝධය දැක්වීමත් සමග එම ආයතනය අහෝසි කර, එහි ඉගෙනගත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ
වෛද්‍ය පීඨයට බඳවා ගැනීමට රජය කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad