දූෂණ විරෝධී කඩිනම් අධිකරණ අංක එක ලබන සතියේ සිට වැඩ ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

දූෂණ විරෝධී කඩිනම් අධිකරණ අංක එක ලබන සතියේ සිට වැඩ ඇරඹේ

සුගියදා සම්මත කරගත් පාර්ලිමේන්තු පනත ප්‍රකාරව පිහිටුවනු ලබන දූෂණ විරෝධී මහාධිකරණයේ අංක එක අධිකරණය පිහිටුවීම මේවනවිට සියලු කටයුතු නිමාකර ඇති බවත් ලබන සතියේ එහි නඩු ඇසීම අරඹනු
ඇති බවත්
රාජ්‍ය අමාත්‍ය අජිත් පී.

පෙරේරා පවසයි.
විශේෂ මහාධිකරණය සඳහා රෙජිස්ට්‍රාර්වරයෙකු පත් කිරීම මෙතෙක් සිදුකර නොමැති වීම හා තුනෙන් එක් අධිකරණයක් පමණක් මේ වන විට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර අනෙක් දෙක ගැන තීරණයක් නොවීම නිසා එහි වැඩ පමාවනු ඇති බවට විවිධ වාර්තා පළ වුවද අදාළ ගොඩනැගිල්ල සහ විනිසුරුවරුන් පත් කිරීම අවසන් වී ඇති බැවින් නඩු ඇසීමේ කටයුතු ලබන සතියේ ආරම්භ වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු
සඳහා මුදල් යෙදවීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපළ අවභාවිතයට අදාළ පැමිණිලි මෙහිදී විභාග
වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *