වෙලේ සුදා ඇතුළු කුඩු රජවරු 5 දෙනා ඇපීල් කරපු නිසා මරණ දඩුවමෙන් ගැලවුණු හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

වෙලේ සුදා ඇතුළු කුඩු රජවරු 5 දෙනා ඇපීල් කරපු නිසා මරණ දඩුවමෙන් ගැලවුණු හැටි


පසුගියදා ප්‍රසිද්ධියට පත් කළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ වූ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් ලැයිස්තුවේ සිටියේ 18 කි. නමුත් බන්ධනාගාර ආරංචි අනුව එම ලැයිස්තුව 23 ක් විය යුතුය. නමුත් උසාවියේදී
ඔවුන් වරදකරුවන්වී මරණ දණ්ඩනය

වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඩුවම ලැබි තිබියදී තමන් කළ වැරදි අභියෝගයට ලක්කරමින් අභියාචනා ඉදිරිපත් කිරීම නිසා එම 23න් 5 දෙනෙකුගේම මරණ දඩුවම් අවසන් තීන්දු ලෙස නීතිමය වශයෙන් සැලකිල්ලට නොගැනේ.
මේ වාසිය පදනම් කරගෙන ජනපතිවරයාගේ නියමය පරිදි මරණ දඩුවම් ලබාදීමට යෝජනාවූ ලැයිස්තුවෙන් ඔවුන් තාවකාලිකව ගැලවීමට හැකියාව ලබා ඇත.
ඒ 5 දෙනා අතර වඩාත් ප්‍රකට පුද්ගලයා වෙලේ සුදාය. ඔහු සිරගතව සිටන අතරතුර කුඩු සම්බන්ධ නඩු වලට ඔහුගේ ඥාතීන්ද වරින්වර අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු තවමත් පාතාලය සමග සබඳතා පවත්වන බවට වාර්තා පළව තිබුණි. ඊළඟට සුසෙයි නමැති කුඩු රජාය. අනිත් තිදෙනා නවාස්.ජේසුදාසන් හා කැමිලස්ය.
මේ අයගේ අභියාචනා නිමවූ පසු වරදකරුවන් යයි යළි සනාථ වුවොත් මරණ දණ්ඩන ලැයිස්තුවට ඇතුළත් වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *