CHOGM ගිය අයෝජන දූතිකාව ගෙනා ආයෝජනය ඩොලර් බිලියන 1.5යි.. එය හම්බන්තොට වරාය හැදු මුදලටක් වඩා වැඩියි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 23, 2018

CHOGM ගිය අයෝජන දූතිකාව ගෙනා ආයෝජනය ඩොලර් බිලියන 1.5යි.. එය හම්බන්තොට වරාය හැදු මුදලටක් වඩා වැඩියි…


ලාංකීය සමාජ ජාල තුල මේ දිනවල කියවෙන ජනාධිපති ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම සමග ලන්ඩන් සංචාරයට සහභාගී වූ දෙදෙනෙකු පිළිබද විවිධ කතා මැවෙමින් ඇත.

ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට තම බිරිද ගිහානි වීරසිංහ සමග තමන් සහභාගී වූයේ හා වියදම් කලේ තමන්ගේ මුදල් බව ඇයගේ සැමියා වන මොහාන් වීරසිංහ සදහන් කරයි.

මෙම සමුළුව සදහා තමන් ඇතුළු පිරිස එක් වූයේ ආයෝජන ප‍්‍රවර්ධනය සදහා බවත් ඊට රජයේ මුදල් වැය නොකල බවත් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.

මේ අතර ගිහානි වීරසිංහ ලන්ඩන් සිට තම සමාජ ජාල ගිණුම්වල සදහන් කර තිබුනේ මෙම සංචාරයේදී තමන් ඇතුළු පිරිස මෙරටට ගෙන ආ ආයෝජනව ප‍්‍රමාණය ඩොලර් බිලියන 1.5ක් බවයි. එම මුදල හම්බන්තොට වරාය චීනයට දී ගත් ඩොලර් බිලියන 1.1ද ඉක්වමයි. එමෙන්ම ලංකවේ විදේශ සංචිතයෙන් 1/4 කටද ආසන්නය.

හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ගිය සම්පූර්ණ මුදලද ඩොලර් බිලියන 1.4 කි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්ද ශ‍්‍රී ලංකාවට අනුමත වී ඇති ණය ප‍්‍රමාණය ඊට වඩා අඩුය. එය ලබා දෙන්නේද මිලියන 200 - 300 - 400 ආදී වාරික ක‍්‍රමයකටයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව සමාජ ජාලාවන්හි හදුන්වා ඇත්තේ ‘ආයෝජන දූතිකාව’ ලෙසයි.

18,993 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad