16 කණ්ඩායම ශ‍්‍රිලනිප අයිතිය ඉල්ලයි.. මධ්‍යම කාරක සභාවේදී බලය පෙන්වන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 23, 2018

16 කණ්ඩායම ශ‍්‍රිලනිප අයිතිය ඉල්ලයි.. මධ්‍යම කාරක සභාවේදී බලය පෙන්වන්න සූදානම්..


ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීන් 16 දෙනා විසින් පක්‍ෂයේ අයිතිය තම කණ්ඩායමට ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
තිලංග සුමතිපාල මහතාගෙන් නිවසේ ගිය බදාදා පැවති හමුවකිදී ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ බි‍්‍රතාන්‍යයේ සිටි ජනාධිපතිවරයාද සමග මූලික අදහස් හුවමාරුවකින් පසුවයි.
සාකච්චාවෙන් පසුව ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන අය වහාම ලන්ඩනය බලා පිටත්ව ගියහ.
තම කණ්ඩායම ගන්නා ලද තීන්දුව ගැන එහිදී ඔවුන් ජනාධිපතිවරයා දීර්ඝ ලෙස දැනුවත් කර ඇත.
ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව හැකි ඉක්මනින් කැදවිය යුතු බවත් ශ‍්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවත් ඔවුන් විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.
දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර ඇමතිවරුන් වහාම ශ‍්‍රිලනිප හා සන්ධාන මහ ලේකම් තනතුරුවලින් ඉවත් කල යුතු යයිද එම පිරිස විසින් ජනාධිපතිවරයාට තව දුරටත් දන්වා ඇත.
6,154 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad