ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 20, 2018

ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ලබන 22
වනදා දක්වා රක්ෂිත

බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කැළණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයකුට පහර දුන් බවට ප්‍රසන්න රණවීරට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

පසුගිය 28 වනදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයකදී ප්‍රසන්න රණවීර සහ තවත් පුද්ගලයකු විසින් පහරදී ඇත්තේ ප්‍රසන්න ගමගේ නමැත්තෙකුටය. පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වන විට කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *