පුද්ගලික බස් රථ රියදුරකුට පහර දිමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින චණ්ඩි මල්ලිගේ පුත් එ.ජ.නි. සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. කසුන් මන්ත්‍රිවරයා අද (20) බන්ධනාගාර නිලධාරින්ගේ රැකවල් මැද දකුණු පළාත් සභා රැස්විමට සහභාගි විම සදහා පැමිණියේය.
බන්ධනාගාර රියකින් ඔහු පළාත් සභා රැස්වීමට රැගෙන එනු ලැබිය. අද දකුණු පළාත් සභා රැස්වීම පැවති ගාල්ල කළේගානේ පිහිටි පළාත් සභා පරිශ්‍රයට දැඩි පොලිස් රැකවල් යොදා තිබුණි.
මන්ත්‍රිවරාගේ දෑත්වලට මාංචු දමා තිබු අතර බන්ධනාගාර නිලධාරීන් විසින් පළාත් සභා පරිශ්‍රය තුලදි මන්ත්‍රීවරයාගේ දැත් වලට දමා තිබු මාංචු ගලවනු ලැබිය. කසුන් මන්ත්‍රිවරයා මෙහිදි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ඉතා උණුසුම් ලෙස පිලිගනු ලැබිය.
මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතාද කසුන් මන්ත්‍රිවරයා අසලට ගොස් අතට අතදි මන්ත්‍රිවරයා පිළිගනු ලැබිය. ඉන්පසු එම් කේ කසුන් මන්ත්‍රිවරයා විසින් පළාත් සභා රැස්විමේ දි විශේෂ ප්‍රකාශයක් කළ අතර මාධ්‍ය ඒකපාර්ශවිය කටයුතු කිරිම ගැන මන්ත්‍රිවරයාගේ දැඩි දෝෂ දර්ශණයට ලක්විය.
ඉන්පසු දකුණු පළාත් සභාවේ ජ.වි.පෙ මන්ත්‍රි නලින් හේවගේ මන්ත්‍රිවරයා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රිවරුන්ට ගිණි අවි ලබාදිම ගැන ප්‍රශ්න කළ අතර ඒ සමග සභා රැස්විම එකම ගාලගොට්ටියක් බවට පත්විය. නලින් හේවගේ මන්ත්‍රිවරයාගේ කථාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්වන සම්පත් අතුකොරල චම්ලි විතානාච්චි ආරියවංශ සම්මු යන මන්ත්‍රිවරු බධා කිරීමෙන් කථා කරුණු ලැබිය.
(ගාල්ල ලලිත් චාමින්ද
No comments:
Post a Comment