ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස මහින්ද පිලේ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය. එජාපයේ මන්ත්‍රීවරු පිරිසක් සමග මහින්ද පාර්ශ්‍යවය කලින් ඇතිකරගත් එකගතාවයකට අනුව නගරාධිපතිධුරය මහින්ද පිලටත් උප නගරාධිපති ධුරය එජාපයටත් වශයෙන් නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතුකර තිබේ.
පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ(22) නිවේදනය කර තිබූ අතර අද(23) නගරාධිපතිවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වූයෙන් ඡන්දයකට යාමට තීරණය කර තිබිණි.
ගාල්ල මහ නගර සභාව පසුගිය මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කළේ වසර 16 කට පසුව වන අතර එනම් 2002 වසරට පසුවය. නමුත් මෙවර පළාත් පාලන මැතිවරණය තුළ ගාල්ල මහ නගර සභාව ජයගන්නට එජාපය සමත් වුවත් නගරාධිපතිධුරය අහිමිව ඇත.
ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 14
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරුන් 13
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරුන් 3
ජනතා විමුක්ති පෙරමුනෙන් 3
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 1
ස්වාධීන මන්ත්‍රීවරුන් 1
No comments:
Post a Comment