බැසිල් මහ රෑ පොලොන්නරුවේ.. පොහොට්ටුකාරයෝ වට කරගෙන සිටි තැනට ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සහ හිටපු මහ ඇමති පේෂල කඩා පනි…[Photo] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

බැසිල් මහ රෑ පොලොන්නරුවේ.. පොහොට්ටුකාරයෝ වට කරගෙන සිටි තැනට ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සහ හිටපු මහ ඇමති පේෂල කඩා පනි…[Photo]

හිටපු නියෝජ්‍යා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ (නිපුන හාල් අධිපති) දියණියගේ හදිසි අභාවය හේතුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත‍්‍රියේ හදිසියේම පොලොන්නරුව බලා පිටත්ව ගියේය. ගම්ලත් මහතගේ දියණිය ඩෙංගු රෝගය වැලදි මිය ගිය අතර ඇය වයස අවුරුදු 35 ක් වු දෙදරු මවකි.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ වු බැසිල් රාජපක්ෂ මහතා පොලොන්නරුවේ එම මලගෙදරට සහභාගි වෙන බව ආරංචි වීමත් සමගම ශ්‍රීලංකා පොදුජන පක්ෂයේ ප්‍රාදේශිය දේශපාලඥයන් කිහිප මෙන්ම පාක්ෂිකයින් විශාල පිරිසක් එහී රැදී සිටියහ. 

දීර්ඝ ගමනකින් පසුව නැවත කොළඹ බලා ඒමට තිබූ බැවින් බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ නිවසින් රාත්‍රි ආහාර ගැනීමට සඳහා ඉහළ මාලයට ගොස් සිටියේ පොහොට්ටුවේ පොලොන්නරුව දේශපාලඥයන් කිහිප දෙනෙකු සමගයි. නමුත් කිසිවකු නොසිතූ අවස්ථාවක බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීමට ආවේ ප්‍රථමයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සොහොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතායි.

ඉන් ටික වෙලාවකට පසු හදිසියේම බැසිල් මහතා මුණගැසීමට පැමිණියේ උතුරුමැද හිටපු මහා අමාත්‍ය පේෂල ජයරත්න මහතායි. ඔහු සිංහල ක්‍රමයට ඉතා හැඟුම්බරව ආචාර කරමින් සෑහෙන වෙලාවක් පොහොට්ටු පක්ෂ ප්‍රාදේශිය නායකයින් සමඟ සිටි බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරමින් සිටියේය. එහෙත් පොලොන්නරුව එම මල ගෙදරට සහභාගි වී සිටි පිරිස පැවසුවේ මේ වනවිට පොලොන්නරුව බහුතර පොදු ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ සිටින අවස්ථාවක මෙවෙනි පුද්ගලයින් ද රාජපක්ෂවරු ලගට ඒම පුදුම විය යුතු නැති බවයි.




No comments:

Post a Comment

Post Bottom Ad