LTTE මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර්ට පහර දෙයි - CCTV දර්ශන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

LTTE මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර්ට පහර දෙයි - CCTV දර්ශන

හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර්ට පහරදුන් පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ක‍්‍රියාත්මක දෙමළ රූපවාහිනි නාලිකාවක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන දයා මාස්ටර්ට ඊයේ (08) පස්වරුවේ සිය කාර්යාල පරිශ‍්‍රයේ දී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.


පහරදීමෙන් අනතුරුව එම පුද්ගලයා දයා මාස්ටර්ට තියුණු ආයුධයකින් පහරදීමට ද උත්සාහ දරා ඇති බව සදහන්ය.

යාපනය පොලීසිය විසින් මෙම පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (09) දින යාපනය මහේස්ත්රාපත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කුමන හේතුවක් මත මෙම පහරදීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සදහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad