කුච්චවේලි ප්‍රා.ලේකම් බෞද්ධ කොඩිය බලහත්කාරයෙන් ගලවා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

කුච්චවේලි ප්‍රා.ලේකම් බෞද්ධ කොඩිය බලහත්කාරයෙන් ගලවා දමයි

කුච්චවේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයෙන් ගලවා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමලය දිසාපතිවරයාට ලිපියක් යවා තිබේ.

එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර මහතා යැවූ එම ලිපියේ දැක්වෙන්නේ කුච්චවේලි, පොල්වත්ත ප්‍රදේශයේ නැවත පදිංචියට ආ පවුලක් තම නිවස ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් එහි පැමිණි ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් විසින් පසුගිය 2දා බලහත්කාරයෙන් ගලවා දමා ඇති බවයි.


එහි පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වෙතද යවා ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

දිගු කලත් අවතැන්ව සිට නැවත තම උපන් ගමේ පදිංචියට පැමිණීමට අවකාශය ලැබීමේ ප්‍රීතිය සහ දුරුදු පොහොය නිමිත්තෙන් බෞද්ධයෙකු හැටියට තමන් මෙසේ සිය නිවස ඉදිරිපිට බෞද්ධ කොඩිය එසවීමෙන් පසුව නිල රථයෙන් පැමිණි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ඔහු සමඟ සිටි පිරිසට කොඩිය ගැලවීමට නියෝග කළැයි නිවැසියා තමන්ට පැවසූ බවද අනුර බණ්ඩාර මහතාගේ ලිපියේ සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad