බීමතින් රිය පැදවූ බව කියන ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු කොල්ලුපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය ලිබර්ටි වටරව්මේදී රාත්‍රී රථවාහන රාජකාරී වල නිරත වී සිටි නිලධාරීන් මෝටර් රථයක් නවතා පරීක්ෂා කර බැලීමේදී එහි රියදුරා බීමතින් සිටින බව පෙනී ගොස් ඇත. පසුව ස්වසන නාල (බැලුන්) පරීක්ෂණයේදී ඔහු බීමතින් සිටින බව තහවුරු වූ බව පොලීසිය පවසයි.
මොහු ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියෙක් බවට කරුණු අණාවරණය වී ඇති අතර පොලීසියට ගෙනැවිත් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ලබන මස 15 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් පොලිස් ඇප මත මුදා හැර ඇත.
කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Tuesday, January 9, 2018
බීමතින් රිය පැදවූ ප්‍රවීන නළුවෙකු අත්අඩංගුවට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment