'ධනංජය ඉවතට..කුසල් ඇතුළට..'- අලුත්ම ක‍්‍රීඩකයකු සමගින් තුන්කොන් තරගාවලියට නම් කළ ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

'ධනංජය ඉවතට..කුසල් ඇතුළට..'- අලුත්ම ක‍්‍රීඩකයකු සමගින් තුන්කොන් තරගාවලියට නම් කළ ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ බංගලාදේශය අතර පැවැත්වීමට නියමිත තුන්කොන් තරඟාවලිය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය අද(09) ක‍්‍රිකට් ආයතනයේදී නම් කෙරුණු අතර එහි නායකත්වයට නව නායන ඇන්ජලෝ මැතිව්ස් හට හිමිව තිබේ.

එම සංචිතය සදහා තවමත් එක්දින වරම් ලබා නොමැති  නව වේගපන්දු යවන ක‍්‍රීඩක ශෙහාන් මදුසංක ඇතුලත් කර ඇති අතර වේගපන්දු යවන්නන් සිව් දෙනෙකු කණ්ඩායම ඇතුළත් කර ඇත.


පසුගිය ඉන්දීය සංචාරය සදහා නම් නොකෙරුණු කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට කැදවා ඇති අතර පසුගිය පාකිස්තානු සංචාරයේදී අසාර්ථක වු දිනේශ් චන්දිමාල් එක්දින සංචිතයට ඇතුළත් කර ඇත.

තවද ඉන්දියානු කණ්ඩායම සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ධනංජයද සිල්වා මුලික සංචිතයට ඇතුළත් කරගනු ලැබුවත් මෙම 16දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර නොමැති වීම සුවිශේෂි වෙයි

තුන්කොන් තරගාවලියට නම් කළ ශ‍්‍රී ලංකා සංචිතය..

ඇන්ජලෝ මැතිව්ස් (නායක )
උපුල් තරංග
දිනේශ් චන්දිමාල්
කුසල් ජනිත්
කුසල් මෙන්ඩිස්
අසේල ගුණරත්න
වනිදු හසරංග
තිසර පෙරේරා
දුෂ්මන්ත් චමීර
ශෙහාන් මදුසංක
නිරෝශන් දික්වැල්ල
ලක්ෂාන් සදකැන්
දනුශ්ක ගුණතිලක
අකිල දනංජය
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්

No comments:

Post a Comment

Post Bottom Ad