එක්දින හා විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට හිමිවෙද්දී ‘උපනායකත්වය’ ප‍්‍රහාරාත්මක පිතිකරුවාට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

එක්දින හා විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට හිමිවෙද්දී ‘උපනායකත්වය’ ප‍්‍රහාරාත්මක පිතිකරුවාට..

එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර එම අයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කර සිටියේය.



පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව තරග 3-2ක් ලෙස ලද පරාජයෙන් පසුව මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්විය. 

ඉන්පසුව උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග හා තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔවුන් කිසිවකුට නායකයෙකු ලෙස සාර්ථක වීමට නොහැකි විය.

එසේම එම කණ්ඩායම දෙකෙහි උපනායකත්වයට කුසල් ජනිත් පෙරේරාව පත් කරන බවද මෙහිදි ප්‍රකාශ විය. එසේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක්තවයට දිනේෂ් චන්දිමාල්වම පත් කෙරෙන බවත් ටෙස්ට් නියෝජ්‍ය නායකත්ව‍ය රංගන හේරත් පත් කෙරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad