එම සමුළුව සංවිධානය කිරීමේ වගකීම පැවරී තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට සහ රෝහිත අබේගුණවර්ධනට මන්ත්‍රීවරයාටය.
සමුළුව ආරම්භ කළත් රෝහිතට සමුළුවට එක්වීමට නොහැකි විය. ඒ වෝකිටෝකි යන්ත්‍රයක් අතේ තබාගෙන සමුළුවේ සංවිධාන කටයුතුවලට එක්වීමට ඔහුට සිදුව තිබූ නිසාය. සමුළුව අවසන්වූ පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ගියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිවසටය.
“ඔයාලා ගොඩක් මහින්සිවෙලා මේ සමුළුව සංවිධානය කරලා තිබුණා. ඔයාල එක්ක ඉස්සරහට ගිහින් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්” හිටපු ජනපතිවරයා කීවේය.
“අද රටම පොහොට්ටුව ගැන කතා වෙනවා”මන්ත්‍රීනි පවිත්‍රා කියන විට අනෙක් අය කීවේද ජයග්‍රහණය ගැන තිබෙන බලාපොරොත්තුය.
“අපිට මැතිවරණ නීතිය අනුව කටයුතු කරන්න දෙන්නෙත් නෑ. පක්ෂ කාර්යාලයක් පිහිටුවන්න, පත්‍රිකා බෙදීමටවත් අපිට ඉඩක් නෑ. අපේ පක්ෂයේ අයට ලොකු අසාධාරණකම් සිදුවෙනවා” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේ තමන්ට සිදුවන අකටයුතුකම් ගැනය.
“දැන් සර්ගේ මූණට ලොකු ඉල්ලමුක් තියෙනවා. පුළුවන්නම් යූ.එන්.පී. කාරයොත් සර්ගේ මූණ දාලා පෝස්ටර් ගහවි”ප්‍රසන්න කීවේය.
“ඕන කෙනෙකුට මගේ මූණ දාලා පෝස්ටර් ගහන්න පුළුවන්. හැබැයි අයිතිය නිල වශයෙන් තියෙන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයින්ට විතරයි කියලා මම කිව්වේ ඒකයි” හිටපු ජනපතිවරයා කීවේ සිනාවක් මුහුණට නංවා ගනිමිනි.

No comments:
Post a Comment