අලුතින් ශ්‍රී ලංකා කණ්ඩායම භාරගත් හතුරුසිංහ බංග්ලාදේශයේදී කියූ දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

අලුතින් ශ්‍රී ලංකා කණ්ඩායම භාරගත් හතුරුසිංහ බංග්ලාදේශයේදී කියූ දේ

අලුතින් ශ්‍රී ලංකා කණ්ඩායම භාරගත්
හතුරුසිංහ බංග්ලාදේශයේදී කියූ දේ

මේ වන විට බෙහෙවින් දුර්වල කණ්ඩායමක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්නා බව නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කියා තිබේ. 

බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථකත්වය ළඟා කරදුන් එහි හිටපු පුහුණුකරුවාද වන හතුරුසිංහ එරට පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම්ස මගින් බංග්ලාදේශයට් යාමෙන් පසුව පැවැති පළමු වැනි පුවත් පත් සාකච්ඡාවේදී එසේ කියා සිටියේය.

"ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩාක් දියුණු වෙන්න තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙන්ම ක්‍රීඩක සංයුතියද බරපතළ වෙනස්කම්වලට ලක් කළ යුතුයි. මේ අභියෝගය මා බාරගත්තේ ඉතාමත් උද්යෝගයෙන්, 1987 න් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් වඩාත්ම අභාග්‍යසම්පන්න වර්ෂය 2017 මං බංග්ලාදේශයට මින් පෙර උදව් කළා තමයි නමුත්  මට ඔවුන් කෙරෙහි මේ වනවිට ළැදියාවක් නෑ එහෙම එකක් නෑ බංග්ලාදේශ පිලට මං සුබ පතනවා. මා ඔවුන්ව හොඳින් දන්නවා. ඒත් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරග කරනවා දකින්න මට අවශ්‍යයි” යයිද හතුරුසිංහ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad