පුල පුලා බලාසිටි බැඳුම්කර වාර්තාව කතානායක අතේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

පුල පුලා බලාසිටි බැඳුම්කර වාර්තාව කතානායක අතේ



මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ  අවසන් වාර්තාව සහ  බරපතල වංචා ,දුෂණ,  විමර්ශන කිරිම සඳහා වූ ජනාධිපති පරික්ෂණ අවසන් වාර්තාව අද 17 දින පාර්ලිමේන්තුව වෙත භාර දුන් අතර මේ පිළිබඳව පැවැති විශේෂ  ප්‍රවෘත්ති සාකච්ඡාවක දී  කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කලේ රටේ  මහ ජනතාව වෙනුවෙන් මෙම  වාර්තාවන් සම්බන්ධව පාර්ලිමේන්තුවේ වගකීම විනවිදභාවයෙන් යුතුව නොපිරිහෙලා ඉටු කිරීමට සහතික වන බවයි.

එලබෙන 22 දා පෙරවරුවේ  පක්ෂ නායක රැස්වීමේදී  සාකච්ඡා කර ගනු ලබන ඉදිරි පියවර දැනුම් දෙන බවද සඳහන් කළ කථානායකවරයා  වැඩි  දුරටත්  සඳහන් කලේ   ඊට පෙර මෙම  වාර්තාවන් කඩිනමින් පරිවර්තනය කොට මුද්‍රණය  කර  සියළුම මන්ත්‍රි වරුන් වෙත  ලබා දීමට  හැකි වනු  ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. ගරු  ජනාධිපතිතුමන් සඳහන් කල පරිදිම  අද දිනයෙහි අදාල  වාර්තාවන් නිසි පරිදි  පාර්ලිමේන්තුව වෙත  යොමු  කිරීම පිළිබදව කෘතඥතාව පල කරන බවද කථානායකවරයා පැවසීය.

මෙම  අවස්ථාව සඳහා , නියෝජ්‍ය  කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී.නියෝජ්‍ය  මහ ලේකම් නීල් ඉද්දවෙල යන  මහත්වරුන්ද  සහභාගී විය.




No comments:

Post a Comment

Post Bottom Ad