මත්පැන් අළෙවිසල් විවෘතව තැබෙන වේලාව වැඩි කරමින් සහ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමට සහ මිලට ගැනීමට පනවා තිබූ තහනම් ඉවත් කරමින් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමේ ප්‍රායෝගික ගැටළු මතුව ඇති බව භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.
මත්පැන් අලෙවි සල් විවෘතව තැබෙන වේලාව සඳහන් ගැසට් නිවේදනය 1979 දෙසැම්බර් මස 31 වැනි දින නිකුත් තිබෙන අතර එහි සිංහල සහ දෙමළ පිටපත් මේ වන විට අස්ථානගතව තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ. 1979 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත ආශ්‍රයෙන් වගත්ති කිහිපයක් ඉවත් කිරීමෙන් පැරණි නීතිය සංශෝධනය කළ නමුත් එය නැවත අවලංගු කිරීමේදී බලපවත්වන නීතිය කුමක් ද යන්න ගැසට් පත්‍රයේ පළ කළ යුතු හෙයින් සිංහල සහ දෙමළ පිටපත් සොයාගැනීමට සිදුව ඇති බව පැවසෙනවා.
මේ අනුව නව නීතිය අවලංගු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නියමය හා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වූ නමුත් එම ක්‍රියාවලිය සඳහා කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.
Wednesday, January 17, 2018
ජනපති කිව්වත් බාර් නීති දෙක අහෝසි වෙන්නෙ නෑ! හේතුව මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment