කිම් කාර්ඩෂියන්ගේ තෙවැනි දරු වා කුලියට ගත් මවගෙන් උපදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

කිම් කාර්ඩෂියන්ගේ තෙවැනි දරු වා කුලියට ගත් මවගෙන් උපදී

ලෝකය කැළඹූ නිරූපිකාවක හා නිවේදිකාවක වන කිම් කාර්ඩෂියන් සහ කෙන්යා වෙස්ට් යුවළගේ තෙවැනි දරුවා ලෙස ගැහැණු දරුවෙකු පෙරේදා (15) උපත ලබා තිබේ. ඔවුන්ට මේ දක්වා සේන්ට් හා නොර්ත් නමැති පිරිමි දරුවෙකු හා ගැහැනු දරුවෙකු සිටි අතර මේ තෙවැනි දරුවාය. මෙම දරු උපත ඔවුන් සිදු කළේ කුලියට ලබාගත් ගර්භාෂයකය. කිම් 37 හැවිරිදි වියේ පසුවේ.

කිම් හා කෙන්යා 2014දී විවාහ වූ අතර කිම්ගේ තෙවැනි විවාහය එය විය.ඇයට පෙර විවාහ වලින් දරුවන් සිටියේ නැත.  Kanye and I are happy to announce the arrival of our healthy, beautiful baby girl. යනුවෙන් දරු උපත ගැන සටහනක් තබමින් ඇය සතුට පළ කර තිබේ. දරු උපත සිදු කළ කාන්තාවගේ මුහුණු බොඳ කළ ඡායාරූපද හොලිවුඩ් වෙබ් අඩවි වල පළ කර තිබිණි.




No comments:

Post a Comment

Post Bottom Ad