මතුගම පාසලක දළඹු ප්‍රශ්නයට සිසුන් 22ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

මතුගම පාසලක දළඹු ප්‍රශ්නයට සිසුන් 22ක් රෝහලේ


මතුගම අධ්‍යාපන කලාපයේ කටුවාවල කනිටු විදුහලේ සිසුන් අතර පැතිර ගිය ආසාත්මිකතාවක් නිසා එහි ඉගෙනුම ලද සිසු සිසුවියන් 22 දෙනකු ඊයේ (16දා) දහවල් මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත.

විදුහලේ ක්‍රීඩාගාරයේ ක්‍රීඩා කටයුතුවල නිරත සිසුන් අතර පැතිර ගිය ආසාත්මික තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කළ සිසුන් අතර සිසුවියන් 08ක් හා සිසුන් 14 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීවේය. මතුගම වෑත්තෑව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි චන්න විතාන මහතා කීවේ දළඹුවකු වැනි කුඩා සතකු සිසුන් කීපදෙනකුගේ ඇඟේ ගෑවීමෙන් ශරීරයේ ස්ථාන කීපයක කැසීම් හා සුළු පළු දැමීම් සිදුව ඇති බවත් කිසිදු සිසුවකුට බරපතළ තත්ත්වයක් නැති සාමාන්‍ය තත්ත්වයක් බවයි.

මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී. ඩී. ලයනල් මහතාගේ ප්‍රධානත්වයෙන් වහාම මේ පිළිබඳ පරීක්‍ෂණයක් සිදුකළ බවත් මෙය දළඹු විශේෂයක් නිසා හටගත් පළු දැමීමක් බවද ලයනල් මහතා කීවේය. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා පාසල් භූමිය හා අවට ප්‍රදේශ ධූමායනය කිරීමට පියවර ගන්නා බවද ලයනල් මහතා කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad