එහිදී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු නායක AE Satterthwaite පන්දු 44කදි හතරේ පහර 04ක් සහිතව ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වු අතර කඩුලු රකින ක‍්‍රීඩිකා EJ Inglis වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 17කදී එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 37ක් රැස් කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංක ක‍්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු මෙල්බර්න් පිල නියෝජනය කරමින් ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිසියත් ලකුණු ලබා ගැනීමට ප‍්‍රථම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය. ජයග‍්‍රහණය සදහා ලකුණු 121ක ඉලක්කයක් හඹා ගිය සිඩ්නි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 120ක් ලබා ගනිමින් තරගය සම තතත්වයේ අවසන් කිරීමට සමත් විය.
එහිදී අවසන් පන්දුවට ජයග‍්‍රහණය සදහා ලකුණු තුනක් ලබා ගැනීමට නියමිතව තිබු අතර මෙල්බර්න් කඩුලු රකින ක‍්‍රිඩිකාව ඉනිම නිමාවීමටත් පෙර ජයග‍්‍රහණය සැමරීම හේතුවෙන් පිතිකරුවන් නොතිබු දෙවන ලකුණක් කරා දිවයමින් තරගය සම තත්වයේ අවසන් කෙරිණ. කණ්‌ඩායම් දෙකේම ලකුණු තත්ත්වය කඩුලු හතක් දැවී ලකුණු 120 ක් ලෙස සටහන් වීම මත තරගයේ ජය සුපිරි පන්දුවාරය ඔස්‌සේ තීරණය විය.
එහිදී සිඩ්නි සික්‌සර්ස් අදාළ පන්දුවාරයේදී කඩුලු දෙකක් දැවී ලකුණු 8 ක් රැස්‌කළ අතර එය කිසිවෙකුත් නොදැවී සපුරා ගැනීමට මෙල්බන් පිලට හැකි විය. මෙල්බන් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන චමරි අතපත්තුපන්දුවාර දෙකක් යවමින් ලකුණු හයකට කඩුලු දෙකක් බිඳහෙළුවාය.

No comments:
Post a Comment