‘බඩු මිල වැඩි වුණේ බැදුම්කර හොරුන් නිසා.. රාජපක්‍ෂ ණය බොරුවක්’.. රජය වහා ඉල්ලා අස්විය යුතුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 4, 2018

‘බඩු මිල වැඩි වුණේ බැදුම්කර හොරුන් නිසා.. රාජපක්‍ෂ ණය බොරුවක්’.. රජය වහා ඉල්ලා අස්විය යුතුයි

මහබැංකුව බිද දැමීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ හා වගඋත්තරකරුවන් මහ බැංකුවේ සේවයට බදවාගෙන ඇත්තේ අගමැතිවරයා වන හෙයින් බැඳුම්කර සිදුවීමට අදාළව වගකීම රජය භාරගෙන රජය වහා ඉල්ලා අස්විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

බැදුම්කර ගනුදෙනුවෙන් එක් පාර්ශ්වයක් උපයාගෙන ඇති අයතා මුදල් නැවතත් අයකරගෙන ජනතාවට සහන ලබාදිය යුතු බව ඔවුන් පවසයි.

මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත්වෙද්දී සීමිත පිරිසක් විසින් සුර සැප විදීම සදහා ජනතා මුදල් සොරකම් කර ඇති බව ඔප්පුවී හමාරය. දැන් රජය කල යුත්තේ බැදුම්කර කර හොරුන් විසින් සොරකම් කරන ලද ජනතා මුදල් අයකරගෙන ජනතාවට සහන ලබාදීමය. ජනතාව බදු මුදල් ගෙවන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන්ට මුදල් හොරකම් කිරීමට නොවේ. හාල් මිල වැඩිවන විට හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන විට රජය ප්‍රකාශ කලේ රාජපක්ෂ ණය ගෙවීම සදහා භාණ්ඩ මිල වැඩි කිරීමට සිදුවන බවයි. දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්නයි. එසේනම් එම හොරකමේ වගකීම රජය භාරගෙන වහා ඉල්ලා අස්විය යුතුය. මක්නිසාද යත් මහදවල් මහබැංකුව බිද දමන්නට රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ හා හොරුන් මහ බැංකුවේ සේවයට බදවාගෙන ඇත්තේ අගමැතිවරයා වන නිසාය. ජනාධිපතිතුමා කළයුතුව ඇත්තේ සොරුන් සමග ආණ්ඩු නොකර හොරුන් පන්නා දැමීමය. කෙසේ වෙතත් ජනතාව හැටියට අපට අවශ්‍ය වන්නේ ඉක්මනින් සහන ලබා ගැනීමය. එසේ සහන ලබාදීමට රජය අසමත් වන්නේ නම් ජනතාවට සහන ලබා ගැනීම වන සටන අප ආරම්භ කලයුතුය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments:

Post a Comment

Post Bottom Ad