මත්පැන් නීති තද කිරීම ගෝත්‍රික තීරණයක් වුණත් මං එකඟයි - මංගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

මත්පැන් නීති තද කිරීම ගෝත්‍රික තීරණයක් වුණත් මං එකඟයි - මංගල


මත්පැන් අලෙවිසැල් ආශ්‍රිතව රැකියා කිරීම සහ මත්පැන් මිලදී ගැනීම සම්බන්ධව ආන්දෝලනයට තඩුදුන් ජනපති තීරණය ගෝත්‍රික තීරණයක් වන නමුත් කැබිනට් මණ්ඩල සාමුහිකත්වයට ගරු කිරීමක් ලෙස එකඟවන බවත්  පැවති තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර ඇත්තේ  කැබිනට් මණ්ඩල හමුවේදී අදාළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය එළඹී එකඟතාව සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය. වර්තා වන අන්දමට මෙම අමාත්‍යමණ්ඩල හමුවේදී මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක සම්බන්ධව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පක රණවක සහ දයාසිරි ජයසේකර විසින් දැඩිව විවේචනය කර ඇත. 

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ මේ හරහා යහපාලන ආණ්ඩුව ආරම්භ කළ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ වැඩසටහන කඩාකප්පල් වන බවත් එසේම එය රටේ සංස්කෘතියටද නොගැළපෙන බවත්ය. ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මංගල සමරවීර දැඩිව සඳහන් කර ඇත්තේ කාන්තාවන් සම්බන්ධව පැවති යල්පැනගිය නීති සංශෝධනය කිරීමට අදාළව එම ගැසට් නිවේදන නිකුත්  කළේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව මිස බීමත්කම ප්‍රවර්ධනය කිරීමක් ඒ හරහා තමන් අරමුණු නොකළ බවය.

No comments:

Post a Comment

Post Bottom Ad