මහින්දගෙන් - මහින්ද ට ලියුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 3, 2018

මහින්දගෙන් - මහින්ද ට ලියුමක්

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී තමන්ගේ රුව යොදාගනිමින් ඇතැම් කණ්ඩායම් වැරදි සහගත ලෙස ක්‍රියාකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීත්‍යානුකුලව කටයුතු කරනු අතැයි අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමුකරමින්. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් තමන්ගේ ඡායාරූපය යොදා ගැනිම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොමැති බවයි හිටපු ජනාධීපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දි ඇත්තේ.
ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද විසින් ද පලාත් පාලන මැතිවරණයට අදාලව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත අද ලිපියක් යොමු කළා. ඒ මැතිවරණය සදහා ඉදිරිපත් අපේක්ෂයින් හට සෘජු ඥාති සම්බන්ධතා සහිත රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර නිලධාරින්ගේ බලපෑම හේතුවෙන් සැබෑ මහජන මතය විකෘති වීම වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින්.

No comments:

Post a Comment

Post Bottom Ad