අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කරන්න සාගලගෙන් තීන්දුවක්..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කරන්න සාගලගෙන් තීන්දුවක්..!


මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සියලුම මත්ද්‍රවය ජනතාව ඉදිරිපිටදී විනාශ කිරීම සඳහා අවශ්‍යයවන නීතිමය ප්‍රතිපාදන සකස්කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

2017 ජනවාරි 01 වැනිදා ඉඳන් 2017 දෙසැම්බර් 27 දක්වා කාලය තුළ  රුපියල් තිස්හත් කෝටි පනස්පන් ලක්ෂ හයදහස් අටසිය හැට හතරයි ශත තිස්හතක් ( 375,506,864,37 ) වටිනා හෙරොයින් ,නීතිවිරෝධී දුම්වැටි, මත්පැන්, ගංජා කියන මත්ද්‍රව්‍යය පොලීස් විශේෂ කාර්ය බලකායත් මත්ද්‍රව්‍යය සහ බරපතල අපරාධ මර්ධන දිසාවත් පමණක් අත්අඩංගුවට අරන් තියෙනවා.

ඒ අත්අඩංගුවට ගත්තු හෙරොයින්වල වටිනාකම රුපියල්  දහතුන් කෝටි හැට එක් ලක්ෂ දහ නව දහස් දෛසිය පනහක් (136,119,250.00) වෙනවා.රුපියල් තුන් කෝටි පනස්තුන් ලක්ෂ තිස්දහස් අටසියක් (35,330,800.00) වටිනා නීතිවිරෝධී දුම්වැටි, රුපියල් නව කෝටි දහනව ලක්ෂ නවදහස් හත්සිය තිස් දෙකයි ශත හැට පහක් (90,199,732.65) වටිනා මත්පැන් වගේම රුපියල් එකොලොස්කෝටි තිස් අට ලක්ෂ පනස්හත් දහස් අසූ එකයි ශත හැත්තෑ  දෙකක්  (113,857,081.72) වටිනා ගංජා අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා.

කෙසේ වෙතත් අපි මේ වසරේ දී වැටලීම් තවත් වැඩි කරලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරලා දැමීමේ කටයුතු තවත් ඉක්මන් කරන්න කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad