අගමැති මූල්‍ය නගරයේ ප‍්‍රගතිය බැලීමට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 3, 2018

අගමැති මූල්‍ය නගරයේ ප‍්‍රගතිය බැලීමට යයි


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02) දින ජාත්‍යන්තර මූල්‍ය නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ගොඩනැගෙමින් පවතින මූල්‍ය නගරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය. 

කොළඹ මූල්‍ය නගරය සඳහා ඩොලර් මිලියන 1000 ක ආයෝජනයකින් මහල් 60ක කුළුණු 03 ක් මෙම වසරේදී ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කෙරේ. තවද කොටුව, කොල්ලූපිටිය දුම්රිය ස්ථාන යා කරන සැහැල්ලූ දුම්රිය සේවයක් ද ආරම්භ කිරීමට නියමිත අතර චෛත්‍ය පාර සහ කොල්ලූපිටිය මුහුදු මාවත යා කෙරෙන නව මාර්ගයක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවද සැලකර සිටියහ.

මෙම චාරිකාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad