ඉදිකිරීම් අවසන් කළ ගුවන් පාලම් 03ක් මේ මාසය තුළ ජනතා අයිතියට පත් කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළුව පරිපාලන අගනුවරට පිවිසෙන රාජගිරිය නගර මධ්‍යයේ ඉදිකළ ගුවන් පාලම මේ මස 08 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
එසේම ප්‍රධාන නගර ගණනාවකට පිවිසුම් මාර්ගයක් වන අධික රථ වාහන තදබදයක් පවතින පොල්ගහවෙල ප්‍රදේශයේ ඉදිකළ ගුවන් පාලමද මේ මස 17දා ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. කඩවත, ගම්පහ, ජාඇල, කදාන වැනි ජනාකීර්ණ නගර අතර පිහිටි ගණේමුල්ල නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුම් පිණිස ඉදි කළ ගණේමුල්ල ගුවන් පාලම මේ මස 11දා විවෘත කෙරේ.
මේ ගුවන් පාලම් තුනෙහිම වැඩ කටයුතු 2016 අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ අතර ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ ස්පාඤ්ඤ රජයේ ආධාර මඟින් එම ඉදිකිරීම් සිදුකෙරිණි. මේ ගුවන් පාලම් අතුරින් රාජගිරිය ගුවන් පාලම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 4514.77ක් ආයෝජනය කර තිබේ. පොල්ගහවෙල ගුවන් පාලම සඳහා රුපියල් මිලියන 2203.11ක ආයෝජනයක්ද, ගණේමුල්ල ගුවන් පාලම සඳහා රුපියල් මිලියන 1768.21ක්ද ආයෝජනය කර තිබේ.
හර්ෂනී අර්සකුලරත්න
Wednesday, January 3, 2018
රාජගිරිය ගනේමුල්ල හා පොල්ගහවෙල ගුවන් පාලම් තුනම මේ මාසයේදී විවෘතවේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment