අභිරහස් ලෙස පහරදී මරා
මාලිගාවත්තේ දමා ගිය
බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මළසිරුර
අමානුෂික ලෙස පහරදී අබිරහස් අන්දමින් ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළසිරුර මාලිගාවත්ත ජෝතිපාල මාවතේ අරලිය උයන ක්‍රීඩාංගණය අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් ඊයේ (02 වැනිදා) අලුයම සොයා ගෙන ඇත. මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ 37 හැවිරිදි චාල්ස් බෙයා ජීවන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු බව පොලිසිය හඳුනාගෙන තිබේ.
මෙම විදේශිකයා පෙරේදා (01 වැනිදා) ආපහු බ්‍රිතාන්‍ය බලායැමට සූදානමින් සිට ඇතැයි විමර්ශනවලින් හෙළිවී ඇති අතර හෙතෙම නවාතැන් ගෙන සිටියේ කොහේද කවුරුන් විසින් ඝාතනය කළේද යන්න ඊයේ දහවල් වනතුරුත් අනාවරණය වී නොතිබිණි. වෙනත් ස්‌ථානයකදී පහරදී මොහු ඝාතනය කර මාලිගාවත්ත අරලිය උයන ක්‍රීඩාංගණය අසලට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි.
විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර එම ස්‌ථානයට ගෙනැවිත් දමන්නට ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මළසිරුර වැටී ඇති ස්‌ථානය ආසන්නයේ නිවාසවල සහ පෞද්ගලික ආයතනවල සවිකර ඇති සී. සී. ටී. වී දර්ශන පරීක්‌ෂා කිරීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය කටයුතු කරමින් සිටී.
මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු සතුව තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබිණි. මොහුගේ අනන්‍යතාව සෙවීම සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය කටයුතු කර ඇත. එහිදී මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු පොලිසියට පවසා ඇත්තේ ඝාතනයට ලක්‌වූ මෙම පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් අයකු බවයි. මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා පිළිබඳව තොරතුරු සෙවීමට කටයුතු කරන බවද එම නියෝජිතයා පොලිසියට දැනුම්දී තිබේ.
ඝාතනයට ලක්‌වූ විදේශිකයාගේ හිසේ සහ මුහුණේ තුවාල කීපයක් දකින්නට ලැබෙන බවද පොලිසිය පවසයි. කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක, කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, සහකාර පොලිස් අධිකාරි උදය හේමන්ත මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ මාලිගාවත්ත පොලිසිය විමර්ශන පවත්වයි.
හේමන්ත රන්දුණු (divaina)
Wednesday, January 3, 2018
අභිරහස් ලෙස පහරදී මරා මාලිගාවත්තේ දමා ගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මළසිරුර
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment