ලංකාවට පෙබරවාරි දක්වා වැසි නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 3, 2018

ලංකාවට පෙබරවාරි දක්වා වැසි නැහැ

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය පෙබරවාරි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.ඊසාන දිග මෝසම් සමයේදී වර්ෂාව අඩුවීම, ඊට හේතුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ.
මේ අතර, පෘථිවි උෂ්ණත්වයේ වැඩිවීම සෙල්සියස් අංශක 2 කට සීමා කළ ද පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 4 න් 1 ක් ශුෂ්ක වියළි ප්‍රදේශ බවට පත්වනු ඇතැයි විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කළා. පැරිස් කාලගුණ සම්මුතිය සැකසූ එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මිහිතලයේ උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1 යි දශම 5 කට සීමා කළහොත් එම හානිය පෘථිවි භූමි ප්‍රමාණයෙන් 10 න් 1 කට සීමා කළ හැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad