දෙවැනි ගමන යද්දී මනාලිය අනතුරකින් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

දෙවැනි ගමන යද්දී මනාලිය අනතුරකින් මරුට

විවාහයෙන් පසු ජනවාරි පළමුවැනිදා මනාලිය නිවසට කැන්දාගෙන ආ මනාලයා පසුදා මනාලියගේ නිවසට ගොස් ආපසු රාගම පිහිටි තම නිවස කරා එන ගමනේදී දිවුලපිටිය මීගමුව මාර්ගයේ කඩවල බටේපොල ප්‍රදේශයේදී පෙරේදා (3) සිදුවූ අනතුරකින් මනාලිය මරණයට පත්ව මනාලයා බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් ඊයේ (4) උදේ දිවුලපිටිය රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදි අනාවරණය විය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෑගල්ල පල්ලිය පාරේ එලිසා දෙපදෙනි පෙරේරා 29 නමැති උපාධිධාරිණියකි.

හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි. මෙම අනතුරින් මෝටර් රථය පැදවු මනාලයා සහ මනාලිය බරපතළ තුවාල ලබා දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර මනාලිය එහිදී මියගොස් ඇත. බරපතළ තත්ත්වයේ පසුවු මනාලයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කීය. උපාධිධාරී මෙම යුවළ දෙසැ මස 24 වැනිදා ඔවුන්ගේ මංගල උත්සවය පවත්වා දෙවැනි ගමන යෙදී තිබී ඇත්තේ ජනවාරි මස පළමුවැනිදාටය. 

අනතුරුව පසුදින යුවළ බිරියගේ කැගල්ලේ නිවසට ගොස් කල් ගත කර පෙරේදා (3) සවස කුඩා මෝටර් රියෙන් මිගමුව දෙසට ගමන් කරමින් සිටියදී මෙම  ඉරණමට මුහුණ පා ඇත. පිටුපසින් ආ වෙනත් මෝටර් රියක් ඔවුන් ගමන් ගත් මෝටර් රථයට ඉස්සර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් යුවළ බරපතළ තුවාල ලබා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. අනතුරට සබ්බන්ධ අනෙක්  රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ දුනගහ, බෙටිපොල විජයසිර්)

No comments:

Post a Comment

Post Bottom Ad