කෝටි 42ක හිඟ බදු මුදලක් : මෙන්ඩිස් නිෂ්පාදනයත් නවතියි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

කෝටි 42ක හිඟ බදු මුදලක් : මෙන්ඩිස් නිෂ්පාදනයත් නවතියි.

බරපතළ මූල්‍ය චෝදනාවක්‌ සම්බන්ධයෙන් රටේ මහත් ආන්දොලනයට පත් සමාගමකට අයත් මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනයකින් රජයට 2017 වර්ෂය සඳහා අයවිය යුතු රුපියල් කෝටි 42 කට අධික බදු මුදල් නොගෙවීම නිසා එම සමාගමේ මත්පැන් නිෂ්පාදන නතර කරවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.



මූල්‍ය චෝදනා එල්ලවී තිබෙන මෙම සමාගමට 2018 වර්ෂය සඳහා සුරාබදු දෙපාර්තමේන්තු උසස්‌ නිලයකින් මත්පැන් නිෂ්පාදනයට බලපත්‍ර ලබාදී ඇතත් හිඟ බදු ගෙවන තෙක්‌ නිෂ්පාදන කටයුතු සිදුනොකරන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තු පහළ නිලධාරීන් විසින් අදාළ සමාගම දැනුවත් කිරීම නිසා මත්පැන් නිෂ්පාදනය ඇනහිට ඇත.

2017 වර්ෂයට අදාළ හිඟ මුදල ඊයේ 8 දා වන විටත් ගෙවා නොමැති බවත් එම නිසා 2018 ජනවාරි 01 වැනිදා සිට එම සමාගමේ නිෂ්පාදන කටයුතු නතර කර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad