අදාළ ඝානයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ ඥාතීන් වෙත මෙතෙක් සාධාරණයක් ඉටු නොවු බවද මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දී තිබෙනවා. එම නිසා එම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කළ යුතු බවද අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග යනු නිර්භීත මාධ්‍යවේදියෙකු බව පෙන්වා දෙන අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි රොබට් හිල්ටන් සිය ට්වීටරය මගින් මේ බව සඳහන් කර තිබුණා.
ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ ඥාතීන් සාධාරණය අපේක්ෂාවෙන් සිටින බවත් රජයක් වශයෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකර ඔහුගේ පවුල වෙත සාධාරණය ඉටුකර දීමට ශ්‍රීලංකා රජය කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වී අදට වසර 09ක් ගතවීම නිමිත්තෙන් බොරැල්ල කනත්තේ පිහිටි ඔහුගේ සොහොනට ගොස් පුෂ්පෝපහාර දැක්වූ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි රොබට් හිල්ටන් ඉන් අනතුරුවයි සිය නිල ට්වීටරය මගින් මෙම ඉල්ලීම කර තිබෙන්නේ.


No comments:
Post a Comment