කාන්තාවන්ට මත්පැන් ලිහිල් නීතිය හා බාර් 10ට වැසීම ජනපති අවලංගු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

කාන්තාවන්ට මත්පැන් ලිහිල් නීතිය හා බාර් 10ට වැසීම ජනපති අවලංගු කරයි


පසුගියදා මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ප්‍රසිද්ධියට පත් කල මත් පැන් අළෙවි සැල් විවෘත කර තැබීමේ වේලාව සංශෝධනය කල ගැසට් පත්‍රය වහාම අහෝසි කිරීමට නියෝග කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ( 14 ) දා පැවසීය. 

අගලවත්ත නගරයේ පැවති ජනහමුවකට සහභාගී වූ ඒ මහතා ඒ පිළිබඳව මෙසේ විස්තර කලේය. 

පසුගිය දිනවල මම දැක්කා අරක්කු තැබෑරුම් අරින වෙලාව වෙනස් කරලා තියෙනවා. උදේ 8.00 ඉඳන් රෑ 10.00 වෙනකම්.ඒ වගේම මම දැක්කා මේ රටේ කාන්තාවන්ට අරක්කු තැබෑරුම් වලට , වෙළඳ සැල් වලට ගිහිල්ලා අරක්කු මිළට ගැනීම නොහැකියි කියලා නීතියක්  තිබුණාය ඒ නීතිය ඉවත් කළාය කියලා. මම මුදල් ඇමති මංගල සමරවීර ඇමති තුමාට කථා කලා එතුමා දැන් දවස් තුනක් ඉන්දියාවේ, මම අගමැති තුමාට ඊයේ උදේ කථා කලා. ආණ්ඩුවේ ඇමති වරු කීප දෙනෙකුට කථා කලා.මම කිව්වා චක්‍ර ලේඛය වහාම ඉවත් කර ගත යුතුයි කියලා. 

මෙම තහනම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් ප්‍රකාශ කර සිටියේ අගලවත්ත ප්‍රදේශයේ තිබුණු ජනහමුවකදී වන අතර ඒ සම්බන්ධ ශ්‍රිලනිප මාධ්‍ය නිවේදනය පහතින්.




අගලවත්ත පී එම් පත්මසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad