සයිබර් අවකාශයටත් ආචාර ධර්ම පද්ධතියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

සයිබර් අවකාශයටත් ආචාර ධර්ම පද්ධතියක්


වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (29) දහවල් කොළඹ දී සිදු විය.

වෙබ් මාධ්‍යවේදින්ගේ සංවිධානය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූණි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වෙබ් මාධ්‍ය කලාව සඳහා හඳුන්වාදුන් මෙම ආචාර ධර්ම පද්ධතිය ඉතා වැදගත් විශිෂ්ට කාර්යයක් බවයි.

එමෙන්ම මෙය මාධ්‍ය ක්ෂේත‍්‍රයට පමණක් නොව දේශපාලන ක්ෂේත‍්‍රය සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටලුු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් නුදුරු දිනකදීම ලබාදෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad