වරාය බදු දී ගත් මුදල නිසා රුපියලේ වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

වරාය බදු දී ගත් මුදල නිසා රුපියලේ වෙනසක්


2017 දෙසැම්බර් මස දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකමෙහි සිව්වන වාරිකය ලැබීම සහ හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු පැවරීම වෙනුවෙන් ලද ලැබීම් ගෙවුම් තුලනය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


2017 වසරේ 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත්කරමින් මහබැංකුව මේ බව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ,  මේ අනුව 2017 දෙසැම්බර් අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8 ක් දක්වා ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කරනු ලබන බවයි.

මේ අතර 2017 දෙසැම්බර් 27 දින වන විට එත්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 1.9 දක්වා පහළ ගොස් තිබේ. 2017 නොවැම්බර් 24 වන විට ඩොලරයට එරෙහිව රුපියල සියයට 2.5 කින් අවප්‍රමාණය වී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad