විෂමාචාර සහිත අපේක්ෂකයන් ගැන තොරතුරු පොලිස්පතිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

විෂමාචාර සහිත අපේක්ෂකයන් ගැන තොරතුරු පොලිස්පතිට


පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ පැෆ්රල් සංවිධානය සහ පොලිස්පතිවරයා අතර හමුවක් අද පැවැත්වුනා. 
එහිදී පළාත් පාලන මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොරව නිදහස් හා සාධාරණව පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡා වු බවයි පැෆ්රල් සංවිධානය කියාසිටියේ. 

එහිදී මේ දක්වා කාලය තුල පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පොලිස්පතිවරයාට ස්තුතිය පළකර ඇති අතර නාම යෝජනා දින පෙළපාලි යාමට ඉඩදීම පිළිබඳ සොයාබලන ලෙසට ඉල්ලා තිබෙනවා. පැෆ්රල් සංවිධානය නිරීක්ෂකයන් යෙදවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුනා. 

එමෙන්ම ප්‍රචණ්ඩත්වය අවම කිරීමට පැෆ්රල් සංවිධානයට ලබාදිය හැකි සහය පිළිබඳ මෙන්ම එම කටයුත්ත සාර්ථක කර ගැනීමට පොලිසිය දක්වන සහය පිළිබඳව ද අවධානය යොමුවු බවයි එම සංවිධානය කියාසිටියේ. අපරාධකාරී චර්යාවන් සහිත අපේක්ෂකයන් පිළිබඳ මාර්තු 12 ව්‍යාපාරයට ලැබුනු පැමිණිලි පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර එම පුද්ගලයන්ට එරෙහිව ඇති පැමිණිලි පිළිබඳ සොයා බලන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad