ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක්

ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් අද (7) ජනපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි, එන්.ටී. දයානන්ද යන මහත්වරුන් පත්කර තිබෙන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල මහතා පත් කර තිබේ.

එමෙන්ම දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කෙරුණු ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා මහතා ද මෙහිදී ජනපති අතින් පත්වීම් ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad