වනජීවි අමාත්‍යංශ ලේකම්වරයාට හදිසි ස්ථාන මාරුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

වනජීවි අමාත්‍යංශ ලේකම්වරයාට හදිසි ස්ථාන මාරුවක්

වනජීවි අමාත්‍යංශ ලේකම්වරයාට හදිසි ස්ථාන මාරුවක්
තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශ ලේකම්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ. විශේෂ කාර්යයභාර අමාත්‍යංශය වෙත ඔහු මාරු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයට විශේෂ කාර්යය භාර අමාත්‍යංශ ලේකම්වරයා පත් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කල විමසීමක දී තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද එය තහවුරු කළේය. ලේකම්වරයාට ලබාදී ඇති ස්ථානමාරුව සාමාන්‍ය රාජ්‍ය සේවයේ සිදුවන ස්ථාන මාරුවීමක් වන අතර එය දඩුවම් මාරුවක් නොවන අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේවෙතත් පසුගියදා සිදුවූ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබදව වනජීවී අමාත්‍යංශයට චෝදනා එල්ල විය.

එමෙන්ම විදෙස් රටවල සිට මෙරටට නීති විරෝධීව ගෙන එන ලද පක්ෂීන් පිරිසක් රේගුවෙන් නිදහස් කර සත්වෝද්‍යානයකට ලබාදිම  සම්බන්ධයෙන් ද වනජීවී අමාත්‍යංශය වෙත චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad