ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක ණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 30, 2017

ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක ණයක්


ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට එකගතාව පළකරතිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රංශ සංවර්ධන සහයෝගීතාව සංකේතවත් කරමින් මෙරට කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහායි මෙම ණය මුදල හිමිවන්නේ. 

යෝජිත ව්‍යාපෘතිය මගින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුහරණය කරන ලද කිරි ලීටර් 4500 ක් පමණ නිශ්පාදනය කළ හැකිවන පරිදි තෝරා ගත් කිරි නිශ්පාදන සැකසීමේ සමුපකාර සමිති සහ සංවිධාන 6 ක නවීණ උපකරණ ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි.

අදාළ ක්‍රියාවලිය පරිගණක ආශ්‍රයෙන් නිරීක්ෂණයට ද හැකියාව ලැබෙනු ඇති. අදාළ මුල්‍ය එකගතා ගිවිසුම සඳහා අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී විසින් අත්සන් තැබු බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad