අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් ඔහු විසින් මෙසේ අදහස් පල කලේය.
“පෙට්ට්‍රල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වා ගෙන යනවා. නමුත් පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැවක් වීම නිසා එය ගොඩබෑම අත්හිටුවූවා. මේ හේතුව මත ඉන්ධන පිරිවුම්හල් වෙත පෙට්ට්‍රල් සැපයීමේ තරමක අඩුවක් සිදුව තිබෙනවා. එයින් මහජනතාව අතරේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවත් නිරීක්ෂණය කෙරුණා.
කෙසේනමුත් මේ වන විට මුළු අවශ්‍යතාවෙන් සියයට අසූවක් සැපරීමට අපිට හැකිව තිබෙනවා. ඩීසල් සහ භූමිතෙල් සැපයීම කිසිඳු අඩුවක් නොමැතිව සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. මේ නිසා අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා…”
– තමීර මංජු
Saturday, November 4, 2017
IOC බාල තෙල් නැවක් අහුවුණා.. තෙල් හිගයට හේතුව එයයි..- අර්ජුන හෙලි කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment