මහින්දට ලොවෙත් නැති ගුලියක් අඹරයි.. නියත පරාජයෙන් බේරෙන්න නිතරග ගිවිසුමක ඒකාබද්දය හිර කරන්න ශ‍්‍රීලනිපය සැරසේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 4, 2017

මහින්දට ලොවෙත් නැති ගුලියක් අඹරයි.. නියත පරාජයෙන් බේරෙන්න නිතරග ගිවිසුමක ඒකාබද්දය හිර කරන්න ශ‍්‍රීලනිපය සැරසේ…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා ඒකාබද්ද විපක්‍ෂයට ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීමට නොහැකි වුවහොත් දෙපිරිස අතර නිතරග ගිවිසුමක් ඇති කර ගැනීමට ශ‍්‍රීලනිප ආන්ඩු පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

මැතිවරණයේදී කණ්ඩායම් දෙකක් ලෙස තරග වැදුනහොත් අවාසි නිසා දෙපාර්ශවය අතර මෙවන් එකගතාවක් හෝ ඇති විය යුතු යයි සලකා බලා මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි. නාම යෝජනා ලයිස්තු සකස් කිරීමේදී මේ සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කල යුතු බවත් සාකච්චා වී ඇත.

මෙමගින් යෝජනා වී ඇත්තේ රට පුරා ඇති පළාත් පාලන කොට්ඨාශයන් බෙදාගෙන ශ‍්‍රීලනිපය කොටසකත් අනෙක් කොටසේ ඒකාබද්දයත් තරග වැදීමටයි. කණ්ඩායම් දෙකම එකම කොට්ඨාශයේ තරග වැදීම යෝජිත මෙම ක‍්‍රමය අනුව සිදු නොවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad