හැරී කුමරු ඇමරිකානු නිළිය හා විවාහ ගිවිස ගැනීම හෙට දන්වයි - මංගල්‍යය අමුතු විදිහට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

හැරී කුමරු ඇමරිකානු නිළිය හා විවාහ ගිවිස ගැනීම හෙට දන්වයි - මංගල්‍යය අමුතු විදිහට


බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙහ්ගන් මාකල් සමග පෙමින් වෙලී සිටීම පසුගිය කාලයේ ආන්දෝලනාත්මක
පුවත් මැවූ අතර මේ දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් අතර විවාහ ගිවිස ගැනීම මේ සතියේ නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි. හෙට 28 වනදා එය නිවේදනය කරනු ඇති බවට ගාඩියන් පුවත්පත වාර්තා කර තිබේ.

33 හැවිරිදි හැරී විවාහ වන්නට යන ඇමරිකානු නිළිය ඔහුට වඩා අවුරුදු 3 කින් වැඩිමල් ය. 36 හැවිරිදි ඇය පෙර විවාහයකින් දික්කසාද වූ අයෙකි. මේ දෙදෙන අතර විවාහය මේ දක්වා රාජකීය විවාහ සිදු කළ ආකාරයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇති බවට කටකතා පැතිර තිබේ. හැරී කුමරු හා මේගන් අඳින්නට යන මංගල විලාසිතාවන් පවා අලුත් මුහුණුවරක් ගනු ඇතැයිද කියැවේ.



No comments:

Post a Comment

Post Bottom Ad